මෙහෙයුම් පද්ධති වර්ගීකරණය
පරිශීලක සහ එක් අවස්ථාවකදී සිදුකළ හැකි කාර්යයන් ගාන අනුව මෙහෙයුම් පද්ධති වර්ගීකරණය කරන්න පුලුවන්.
- පරිශීලක පදනම මත,
• ඒක පරිශීලක – එක අවස්ථාව එක පරිශීලකයෙකුට විතරක් භාවිතා කරනවා.
• බහු පරිශීලක – එක අවස්ථාවක පරිශීලකයන් කිහිප දෙනෙකුට භාවිතා කරනවා. - කාර්යය ප්‍රමාණයේ පදනම මත,
• ඒක කාර්යය – එක් වෙලාවක එක් ක්‍රමලේඛනයක් විතරක් ක්‍රියාත්මක කරනවා.
• බහු කාර්යය – එක වෙලාවක ක්‍රමලේඛන කිහිපයක් ක්‍රියාත්මක කරනවා.
මේ විදිහට පරිශීලක හා කාර්යය පදනම මත මෙහෙයුම් පද්ධති වර්ග කිහිපයකට බෙදනවා.
1.ඒක පරිශීලක – ඒක කාර්යය (Single User – Signal Tasking)
2.ඒක පරිශීලක – බහු කාර්යය (Single User – Multi Tasking)
3.බහු පරිශීලක – බහු කාර්යය (Multi User – Multi Tasking)
4.බහු පොට (Multi Threading)
5.තථ්‍ය කාල මෙහෙයුම් පද්ධති(Real Time)
1. ඒක පරිශීලක – ඒක කාර්යය
එක ක්‍රියාකරුවෙක්ට එක පරිගණක වැඩසටහනක් විතරක් භාවිතා කරන්න පුළුවන් විදිහට හදලා තියන මෙහෙයුම් පද්ධති මේ විදිහට හදුන්වනවා.
උදාහරණ විදිහට MS DOS දක්වන්න පුලුවන්.
2. ඒක පරිශීලක – බහු කාර්යය
එක පරිශීලකයෙකුට මෘදුකාංග කිහිපයක් එකවර භාවිතා කරන්න පුලුවන් විදිහට හදලා තියන මෙහෙයුම් පද්ධති ඒක පරිශීලක – බහු කාර්යය කියලා හදුන්වනවා.
Windows, Linux උදාහරණ විදිහට දක්වන්න පුලුවන්.
3. බහු පරිශීලක – බහු කාර්යය
පරිශීලකයන් කිහිපයකට විවිධ කාර්යන් එකවර කරන්න පුළුවන් මෙහෙයුම් පද්ධති. මේවා සාමාන්‍ය පරිගණක වල භාවිතා කරන්න බෑ. Mainframe Computers හෝ Super Computers වගේ වැඩි කාර්යක්ෂමතාවයක් තියන පරිගණක වල තමා මේවා තියෙන්නේ.
උදාහරණ විදිහට UNIX, Novel, Windows Server දක්වන්න පුලුවන්.
4. බහු පොට / බහු සම්බන්ධක මෙහෙයුම් පද්ධති
සකසනයේ හැකියාව උපරිම ලෙස භාවිතා කරන මෙහෙයුම් පද්ධතියක්. ක්‍රමලේඛනයේ කොටස් කිහිපයක් එකවර ක්‍රියාත්මක කිරීම සිදු කරනවා. අද අපි භාවිතා කරන ගොඩක් මෙහෙයුම් පද්ධති මේ වර්ගයට අයත් වෙනවා.
5. තථ්‍ය කාල මෙහෙයුම් පද්ධති
ආදානයක් ලබා දුන් ගමන්ම සැකසීම සහ ප්‍රතිදානය ලබා දෙන මෙහෙයුම් පද්ධති මේ විදිහට හදුන්වනවා. විද්‍යාත්මක කටයුතු වලදී භාවිතා කරන උපකරණ වලට මේ මෙහෙයුම් පද්ධති යොදා ගන්නවා.