Convert Binary to Decimal for A/L IP addressingConvert Binary to Decimal for A/L IP addressing

අද මම කතා කරන්න යන්නේ දශමය සංඛ්‍යා (Decimal Numbers), ද්විමය සංඛ්‍යා (Binary Numbers) බවට හරවන හැටි ලේසියෙන් කරන ක්‍රමයක් ගැන​. මේක ඔයාලට ගොඩක් ඕනෙ වෙන්නෙ Networking වලදි තියන ip addressing වලට.

අපි සාමාන්‍යෙන් නම්  දශමය සංඛ්‍යාවක්, ද්විමය සංඛ්‍යාවක් බවට හරවන්නේ පහළ තියන උදාහරණෙ විදිහට එම දශමය සංඛ්‍යාව දෙකෙන් බෙදාගෙන ගිහින් ඉතිරි වෙන සංඛ්‍යා ටික අග ඉදන් අනුපිළිවෙලට ලියලනෙ.

Convert Binary to Decimal for A/L IP addressing
Convert Binary to Decimal for A/L IP addressing

හැබැයි මේ ක්‍රමේදි අපි කරන්නෙ වෙනස්ම ක්‍රමේකට​. මුලින් ටිකක් හුරු නැති බවක් දැනෙයි. ටිකක් ක්‍රමේ හුරු වෙනකන් කොලේක ලියාගෙන කරන්න​. ටික කාලයක් කරද්දි ඔයාට මේක හිතින් ඉක්මනට කරන්න පුළුවන් වෙයි.

1286432168421
6110
131101
2010100
2511001
37100101
42101010
57111001
60111100
641000000
701000110
751001011
831010011
941011110
13310000101
Convert Binary to Decimal for A/L IP addressing sinhala

මුලින්ම කරන්න ඕනෙ උඩ උදාහරණෙ තියන විදිහට වගුවක් ගහගන්න එක. ඊට පස්සෙ වම් පැත්තේ ඉදන් දකුණු පැත්තට​ 128 ට යනකන් 2 බල වලින් සංඛ්‍යා ලියා ගන්න. 128 ට යනකන් තිබ්බම ඇති. එතනින් එහාට ලොකුවට අපිට ඕනෙ වෙන්නෙ නෑ. මම කලින් කිව්වා වගේ මුලින් කොලේක ලියල පුරුදු වෙන්න​.

හරි, උදාහරණෙ තියන විදිහට 6 කියන සංඛ්‍යාව ගමු. අපිට 6 ලබා ගන්න ඕනෙ නම් වගුවෙන් අවශ්‍ය සංඛ්‍යා දෙක තමා 4 සහ 2. ඉතින් ඒ සංඛ්‍යා දෙකට යටින් 1 දාගන්න​. අනිත් ඉතිරි ඒවට 0 දාගන්න​. එතකොට එන සංඛ්‍යාව තමා 6 කියන එකේ ද්විමය සංඛ්‍යාව (Binary Number).

මේක කරලා කරලා පුරුදු උනාම ලේසියෙන්ම කරන්න ඔයාට පුළුවන් වෙයි. ඊට පස්සෙ ip addressing ගැන තියන ලිපිය බලන්න​.

ඔබේ දැන්වීම් පළ කිරීමට අපෙන් ඉඩක්.

Share the Knowledge

Leave a Reply

Your email address will not be published. Required fields are marked *