HTML in Sinhala #01HTML in Sinhala #01

HTML කියල කියන්නෙ වෙබ් පිටු (Web pages) හදන්න පාවිච්චි කරන භාෂාවක්. Web pages ගොඩක් එකතු වෙලා තමා Website එකක් හැදෙන්නෙ. Hyper Text Markup Language කියන එක කෙටි කරලා තමා HTML කියන්නෙ.

මේක ඇත්තටම Programming Language එකක් නෙවෙයි. HTML කියන්නෙ Markup Language එකක්. ඒ කියන්නෙ අපිට web page එක ඕනෙ විදිහ විස්තර කරලා දෙන්න පුළුවන් භාෂාවක්. ඔයාලට ඉංග්‍රීසි ටිකක් පුළුවන් නම් තනියෙන් HTML ඉගෙන ගන්න පුළුවන් හොදම තැන තමා www.w3schools.com .

HTML file එකක head සහ body කියල කොටස් දෙකක් තියනවා. head කොටසෙදි තමා අපි title එක එහෙම දාන්නේ. දැන් මේ අපි ලියන HTML code එක web page එකක් විදිහට බලන්න පුළුවන් අතිරික්සු ම්‍රදුකාංගයකින් නේ, ඒ කියන්නෙ chrome, firefox වගේ web browser එකක්. අන්න ඒ web page එකේ පෙන්නන්න ඕනෙ දේවල් තමා body කොටසෙ ලියන්නේ.

<!DOCTYPE html>
<html>
<head>
<title>ict-sinhala.com</title>
</head>
<body>

<h1>Learn ICT in Sinhala</h1>
<p>Welcome to www.ict-sinhala.com</p>

</body>
</html>
Output –
HTML in Sinhala 01

HTML මූලාංග​ (HTML Elements)

HTML code එකක් අර්ථ දක්වන්නේ Elements වලින්. HTML Element එකක start tag එකක් සහ end tag එකක් තියනවා. ඒ දෙක අතර තමා එක, එහෙමත් නැත්නම් අන්තර්ගතය තියෙන්නෙ. උඩ තියන html code එක බැලුවොත්, ඒකෙ <h1> කියන්නෙ start tag එකක්. </h1> කියන්නෙ end tag එක සහ content එක තමා Learn ICT in Sinhala.

අන්තර්ගතයක්, ඒ කියන්නේ content එකක් නැති HTML Element වලට කියන්නෙ Empty HTML Elements කියලා. උදාහරණයක් විදිහට <br> ගන්න පුළුවන්.

HTML උපලක්‍ෂණ​ (HTML Attributes)

HTML Elements වලට අදාළ අමතර තොරතුරු දෙන්නෙ HTML Attributes වලින්. අපි HTML Attributes දාන්නේ start tag එකේ. ඒ වගේම HTML Attribute එකකට name එකක් සහ value එකක් තියනවා. යට තියන උදාහරණෙ බලන්න​.

 <a href="https://ict-sinhala.com/">Visit ICT Sinhala</a> 

උඩ code එකේ start tag එක තමා <a> end tag එක තමා </a>. content එක තමා Visit ICT Sinhala. HTML Attribute එක තමා href=”https://ict-sinhala.com/”. ඒ Html Attribute එකේ name එක තමා href කියන්නේ. value එක තමා “https://ict-sinhala.com/” කියන්නේ.

අදට HTML ගැන කතා කරන්නෙ මෙච්චරයි. ඊළග එකෙන් හම්බෙමු. ඵලදායී දවසක්!

Next Article – Click here

ඔබේ දැන්වීම් පළ කිරීමට අපෙන් ඉඩක්.

Share the Knowledge

Leave a Reply

Your email address will not be published. Required fields are marked *