Python Sinhala #01Python Sinhala #01

What is Python? (Python කියන්නෙ මොකද්ද​?)

Python කියලා කියන්නෙ Programming Language එකක්. ඒ කියන්නෙ ක්‍රමලේඛණ භාෂාවක්. ක්‍රමලේඛණ භාෂාවක් කියන්නෙ මොකද්ද කියලා මූලික දැනුමක් නැත්නම් මම කලින් ලියපු ක්‍රමලේඛණ භාෂාවක් කියන්නෙ මොකක්ද කියන Article එක කියවලා එන්න​.

ලෝකේ තියන ඉගෙනගන්න ලේසිම භාෂාවක් තමා python කියන්නේ. Python ගොඩක් වෙලාවට පවිච්චි කරන්නේ websites, softwares develop කරන්න සහ data analysis, task automation වගේ දේවල් වලට.

ඔයාලට python download කරගන්න පුළුවන් www.python.org කියන Website එකෙන්. ඒ වගේම python code කරන්න පුළුවන් Visual Studio Code, PyCharm වගේ IDE එකකුත් ඕනෙ. එහෙම නැත්නම් python codes online run කරන්න පුලුවන් websites සහ mobile apps එහෙමත් තියනවා. Python download කරගෙන install කරගන්න දාන්නේ නැත්නම් YouTube එකේ බලන්න. ඕන තරම් videos තියනවා. Online run කරන්න ඕනේ නම් www.ict-sinhala.com/python-online-compiler/ කියන URL එකට ගිහින් try එකක් දීලා බලන්න.

හරි එහෙනම්, අපි අපේ මුල්ම python code එක ලියමු. ඕනම programming language එකක මුලින්ම හැමෝම ලියන Hello World program එක ලියන හැටි බලමු.

Code-
print("Hello World")
Output-

Hello World

උඩ තියන code එක run කරලා බලන්න. ඒකෙ ඉතින් සරලවම කරලා තියෙන්නෙ Hello World කියන එක output එකක් විදිහට display කරලා තියන එක​. සාමාන්‍යෙන් අපි python වලදී මොකක් හරි display කරගන්න ඕනෙ උනාම පාවිච්චි කරන්නේ print කියන function එක​.

Python Comments

Python code එකක් බලන කෙනෙක්ට කියවලා තේරුම් ගන්න ලේසි වෙන්න හෝ එහෙමත් නැත්නම් තමන්ම ආයෙත් පස්සෙ දවසක code එක බලනකොට ඒකේ තියෙන්නෙ මොකද්ද කියලා තේරුම් ගන්න​ වගේ දේවල් වලට තමා comments පාවිච්චි කරන්නේ. comment එකක් කිසිම විදිහකට code එකට බලපාන්නෙ නෑ. අපි බලමු එකක් ලියන විදිහ​.

#This is a comment

Comment එකට ලියන්න ඕනෙ දේට මුලින් # ලකුණක් දාල තමා comment එකක් ලියන්නෙ.

Code-
name = "ICT-Sinhala"   #Name
age = 18   #Age
print(name)
print(age)
Output-

ICT-Sinhala
18

name එක සහ age එක print කරල බැලුවම ඔයාලාට පෙනෙයි comments print වෙලා නැති බව​.

Python Variables

Computer එකේ Main Memory එකේ තාවකාලිකව Data ගබඩා කරගැනීමට අපි නමක් දීල මතකයෙන් අවකාශයක් වෙන් කරගන්නවා. මේකට තමයි Variable එකක් කියන්නෙ. සිංහලෙන් නම් විචල්‍යක් කියල කියනවා. Python වලදී variables වලට Data Type එකක් දෙන්න අවශ්‍ය වෙන්නෙ නෑ. ඒ කියන්නෙ වචනයක්ද​, අංකයක්ද කියන එක දෙන්න ඕනෙ නෑ.

Code-
name = "ICT-Sinhala"
age = 18
Output-

ICT-Sinhala
18

උඩ Code එකේ තියන විදිහට තමා Python වල variable එකක් හදන්නේ. මුලින් variable එකට අදාළ නම දීල ඊට පස්සෙ ඒකට අදාළ දත්තය assign කරනවා.

variable එකක් හදනකොට අපිට ඕන ඕන විදිහට නම් දෙන්න බෑ. අපි බලමු කොහොමද variable එකකට නමක් දෙන්නෙ කියලා.

  • variable එකකට name එකක් දෙන්න ඕනෙ අර්ථයක් තියන විදිහට​.
  • පළවෙනි character එක අකුරක් හෝ underscore එකක් වෙන්න ඕනෙ. අංකයක් වෙන්න බෑ. ඉතිරි characters ටිකට අකුරක්, underscore එකක් හෝ number එකක් දාන්න පුළුවන්.
  • variable names case-sensitive වේ. ඒ කියන්නෙ කැපිටල්, සිම්පල් මාරු වෙන්න බෑ.
  • අනිත් දේ තමා variable name එක අතරෙ හිස්තැන් තියෙන්න බෑ.
  • අවසාන එක තමා variable name එකට චචන කිහිපයක් දානවා නම් variable යොදන එක් සම්මතයකට අනුව නම දෙන්න ඕනෙ.

දැන් අපි බලමු variable එකකට නම් දෙන සම්මතයන් ටික​.

Camel Case

ictSinhalaWeb = “python”

Pascal Case

IctSinhalaWeb = “python”

Snake Case

ict_sinhala_web = “python”

හරි එහෙනම්. මම හිතනවා අදට මේ ඇති කියලා. මේව ඉතින් run කරල test කරලා බලන්න ඕනෙ. එහෙම නැතුව කොහොමත් python පුළුවන් වෙන්නෙ නෑනේ. ඊළග ලිපියෙන් හම්බෙමු. එහෙනම් ඵලදායී දවසක්!

ඔබේ දැන්වීම් පළ කිරීමට අපෙන් ඉඩක්.

Share the Knowledge

Leave a Reply

Your email address will not be published. Required fields are marked *