Special IP Addresses for Networking SinhalaSpecial IP Addresses for Networking Sinhala

විශේෂ ip ලිපින​

අද මම කතා කරන්න යන්නෙ විශේෂ ip ලිපින ගැන​. මන් හිතනවා ඔයාලට මේක තේරුම් ගන්න නම් මම කලින් ලියපු ලිපි දෙකේ දැනුම ඕනෙ වෙයි කියල​. ඒ නිසා ඒ දෙකත් කියවලම එන්න​.

1. ජාල ලිපිනය​ (Network Address)

මේක පාවිච්චි කරන්නෙ පරිගණක ජාලයක් හදුනාගන්න​. ජාල ලිපිනයේදි අපි කලින් කතා කරපු එකක තියන කොටසට අදාළ ඔක්කොම බිට් වල අගයන් 0 විදිහට තමා නිරූපණය කරන්නෙ.

IP Address – 170.53.25.12 (10101010.00110100.00011001.00001100)

Network Address – 170.53.0.0 (10101010.00110100.00000000.00000000)

උඩ උදාහරණෙ තියන IP Address එක බලන්න​. ඒක Class B එකක්. ද්විමය (Binary) විදිහට නිරූපණය කරොත් HID කොටසෙ ඔක්කොම බිට් වල අගයන් 0 කරාම ජාල ලිපිනය (Network ID) තමා 10101010.00110100.00000000.00000000. ඒ කියන්නෙ දශමය අකාරයෙන් නිරූපණය කරොත් 170.53.0.0.

උඩ කොටස තේරුනෙ නැත්නම් ආයෙ කියවලා තේරුම් ගන්න​. මොකද මේවා හරියට තේරුම් ගන්න ඕනෙ. සමහර වෙලාවට අපි තේරුනා කියල හිතුවට ඇත්තටම තේරිල නෑ වෙන්න පුළුවන්.

2. ඝෘජු විකාශන ලිපිනය​ (Direct Broadcast Address)

හිතන්න අපිට පරිගණක ජාලයක තියන සියළුම පරිගණක වලට පණිවිඩයක් යවන්න ඕනෙ උනා කියලා, අන්න ඒකට තමා මේ ඝෘජු විකාශන ලිපිනය තියෙන්නෙ (Direct Broadcast Address – DBA). අපි කලින් Network Address එකේ HID එකට අදාළ සියළුම බිට් වල අගයන් 0 විදිහටනෙ නිරූපණය කරේ. මේකෙදි HID එකට අදාළ ඒ බිට් වල අගය නිරූපණය කරන්නෙ 1 විදිහට​.

IP Address – 170.53.25.12 (10101010.00110100.00011001.00001100)

DBA – 170.53.255.255 (10101010.00110100.11111111.11111111)

උඩ උදාහරණෙ තියන IP Address එක බලන්න​. මම ලේසියට එකේදි ගත්ත උදාහරණෙම ගත්තා. ඒක Class B එකක්. ද්විමය (Binary) විදිහට නිරූපණය කරොත් HID කොටසෙ ඔක්කොම බිට් වල අගයන් 1 කරාම ඝෘජු විකාශන ලිපිනය​ (Direct Broadcast Address) තමා 10101010.00110100.11111111.11111111. ඒ කියන්නෙ දශමය අකාරයෙන් නිරූපණය කරොත් 170.53.255.255.

Network Address එක ගැන හරියට තේරුම් ගත්තා නම් මේක තේරුම් ගන්න එක ලේසි. අරකෙ 0 වෙනුවට මේකෙ 1 දාන්නනෙ තියෙන්නෙ.

Special IP Addresses for Networking Sinhala
Special IP Addresses

3. සීමිත විකාශන ලිපිනය​ (Limited Broadcast Address)

මොකක් හරි පරිගණක ජාලයක් තුළ තියන සියළුම පරිගණක වලට ඒ ජාලෙයේම පරිගණකයකින් පණිවිඩයක් සම්ප්‍රේෂණය කරන්න ඕනෙ උනාම අපිට පුළුවන් IP Address එකේ බිට් 32 ම 1 විදිහට දාන්න​. ඒ කියන්නෙ 255.255.255.255 . මේකට Classes වල අදාළත්වයක් නෑ. හැම එකකටම පාවිච්චි කරන්නෙ මේක තමා. ඒකට හේතුව ජාලයේ තියන ඔක්කොම පරිගණක එකම Class එකේ නිසා.

4. This host on this network

Computer Network එකක පරිගණක වලට අනන්‍ය වුණු IP address එකක් තියනවනේ. අපිට පුලුවන් ඒ IP address ලබා දෙන වැඩේ ස්වයංක්‍රීයකරණය (Automation) කරන්න. මොකද පරිගණක ගොඩක් තියන ජාල වල එහෙම මිනිසෙක් විසින් ඒ වැඩේ කරන එක ටිකක් අමාරුයි. වැරදෙන්න එහෙමත් පුළුවන්.

මේ වැඩේට දාල තියෙන්නෙ DHCP – Dynemic Host Configuration Protocol සේවාදායකයක් (Server). ඉතින් ජාලයකට අලුතින් පරිගණකයක් සම්බන්ධ උනාම ip address එකක් ඉල්ලලා DHCP Server එකට පණිවිඩයක් යවනවා. ඒ පණිවිඩයේ සම්ප්‍රේෂණ ලිපිනය (transmitter ip address) විදිහට දෙන්නෙ 0.0.0.0 . මෙන්න මේකට තමා (This host on this network) කියල කියන්නෙ. සින්හලෙන් නම් නමක් හරියටම කියන්න අමාරුයි. අර යවන පණිවිඩය DHCP Server එකට ලැබුනම එයා පරිගණකයට අළුත් ip address එකක් දෙනවා.​

5. Specific Host on this Network

හිතන්න​, ජාලයක A සහ B කියලා පරිගණක දෙකක් තියනවා කියලා. මේ වගේ එකම ජාලයේ තියන පරිගණක අතර පණිවිඩ සම්ප්‍රේෂණය කරනකොට අපි කරන්නෙ ග්‍රාහක (Receiver) පරිගණකයේ ip address එකේ NID එකට අදාළ සියළුම බිට් වල අගය 0 ලෙස යොදන එක​.

Specific Host on this Network
Specific Host on this Network

උඩ තියන උදාහරණෙ බලන්න​. ඒකෙ තියන පළවෙනි Network එක බලන්න​. ඒක Class B එකක්. ඒ කියන්නෙ ip address එකේ පළවෙනි අෂ්ඨක දෙක තමා NID එක​. ඉතින් A ගේ ඉදන් B ට පණිවිඩයක් යවන්න ඕනෙ නම් අපි කරන්න ඕනෙ ග්‍රාහක (Receiver) ip address එක විදිහට 0.0.3.10 දාන එක​. B ගේ ඉදන් A ට යවන්න ඕනෙ නම් ග්‍රාහක ip ලිපිනය විදිහට දාන්නේ 0.0.2.5 .

දැන් බලමු දෙවෙනියට තියන Network එක​. ඒක Class C එකක්. ඒ කියන්නෙ ip address එකේ පළවෙනි අෂ්ඨක තුන​ තමා NID එක​. ඉතින් A ගේ ඉදන් B ට පණිවිඩයක් යවන්න ඕනෙ නම් අපි කරන්න ඕනෙ ග්‍රාහක ip address එක විදිහට 0.0.0.65 දාන එක​. B ගේ ඉදන් A ට යවන්න ඕනෙ නම් ග්‍රාහක ip ලිපිනය විදිහට දාන්නේ 0.0.0.23 .

6. දොරටු මං ip ලිපිනය​ (Gateway IP Address)

Gateway ip address එක කියල කියන්නෙ Computer Network එකක් Router එකකට connect වෙලා තියනකොට ඒ Router එකයි, Network එකයි සම්බන්ධ වෙලා තියන Router Port එකට අදාළ ip ලිපිනය​.

Gateway ip address එකට Network එකේ තියන සත්කාරකයින්ට (Hosts), ඒ කියන්නෙ Computers වලට දෙන්න පුළුවන් ඕනම ip address එකක් දෙන්න පුළුවන්.

අදට මෙච්චරයි. Networking ගැන අපි දාල තියන අනිත් ලිපි කියවන්න අමතක කරන්නත් එපා. ඊළග එකෙන් හම්බෙමු.

ඔබේ දැන්වීම් පළ කිරීමට අපෙන් ඉඩක්.

Share the Knowledge

Leave a Reply

Your email address will not be published. Required fields are marked *