The Feynman Learning Technique SinhalaThe Feynman Learning Technique Sinhala

The Feynman Learning Technique Sinhala

අද මම කතා කරන්න යන්නෙ The Feynman Technique එක ගැන​. මේක හදුන්වලා දෙන්නෙ ඇමරිකාවේ හිටපු ශ්‍රේෂ්ඨ​ භෞතික විද්‍යාඥයෙක් වෙන Richard Feynman. මෙයාට 1965 දී quantum electrodynamics ගැන එයා කරපු සොයාගැනීම් වලට Nobel Prize එකකුත් හම්බෙනවා. මේ Feynman Technique එක කියන්නෙ ඕනම දෙයක් ගැඹුරින්, ඒ වගේම සරලව ඉගෙනගන්න පුළුවන් ක්‍රමයක්. මේ method එක අපිට ප්‍රධාන පියවර හතරකට බෙදලා දක්වන්න පුළුවන්.

1. Study – Step 1 (අධ්‍යනය කිරීම​)

මේ පියවරේදී කරන්නෙ ඔයා පාඩම් කරන්න ඉන්න Subject එකේ එක Topic එකක් තෝරගෙන ඒක​ ගැන හොදට අධ්‍යනය කරන එක​. ලොකු කොටසක් නැතුව පොඩි කොටසක් තෝරගෙන මේ විදිහට ඒ ගැන හොදට කරුණු හොයලා අධ්‍යනය කරන්න​.

උදාහරණයක් විදිහට හිතන්න ඔයාට Chess ක්‍රීඩාව​ ගැන ඉගෙනගන්න ඕන කියලා. මුලින්ම Chess ක්‍රීඩාවේ මූලික සරල නීති රීති වගේ දේවල් ගැන හොදට ඉගෙනගන්න​. ඊට පස්සෙ Chess වල තියන මූලික උපායවල් වගේ දේවල් ගැන හොදට අධ්‍යනය කරන්න​. මේ දේවල් ඔයා තව කෙනෙක්ට උගන්වන්න තරමට මතක තියෙන්න ඕනෙ.

2. Teach – Step 2 (ඉගැන්වීම​)

දැන් තියෙන්නෙ ඔයා පළවෙනි පියවරේදී අධ්‍යනය කරපු දේවල් තව කෙනෙක්ට උගන්වන එක​. ඒ විදිහට උගන්වනකොට ඉතාම සරලව ඕනම කෙනෙක්ට තේරෙන විදිහට ඒක උගන්වන්න උත්සාහ කරන්න​. මේ විදිහට උගන්වනකොට ඔයාට උගන්වන්න කෙනෙක් නැත්නම් කාටහරි උගන්වනවා වගේ හිතාගෙන තනියම උනත් මේක කරන්න පුළුවන්.

අපි කලින් උදාහරණෙම ගමු. පළවෙනි පියවරේදි ඔයා Chess ගැන ඉගෙනගත්ත හැමදේම කාටහරි සරලව කියලා දෙන්න. එතකොට ඒ කෙනා ඔයාගෙන් ප්‍රශ්න අහනකොට සහ උගන්වනකොට ඔයාට Chess ගැන ඔයාගෙ දැනුමේ තියන අඩුපාඩු තේරෙන්න ගනියි.

Richard Feynman sinhala
Richard Feynman sinhala

3. Fill the Gaps – Step 3 (හිස්තැන් නැවත පුරවා ගැනීම​)

දැන් තියෙන්නෙ නැවත අධ්‍යනය කරලා දෙවෙනි පියවරේදී ඔයා අදුනගත්ත අඩුපාඩු ටික පුරවගන්න එක​.

උදාහරණයක් විදිහට Chess ගැන ඔයාට මගහැරුණු, අමතක වුණු හෝ තවත් කෙනෙක්ට පැහැදිලි කරන්න තරම් තේරුනේ නැති දේවල් තියෙන්න පුළුවන්. ඒ දේවල් ගැන ආයෙත් අධ්‍යනය කරලා හොදින් අවබෝධ කරගන්න උත්සාහ කරන්න​.

4. Simplify – Step 4 (සරල කිරීම​)

ඔයා හරියට කලින් පියවර තුන කරා නම් මේ වෙන කොට ඔයා තෝරගත්ත Topic එක ගැන පුළුල් දැනුමක් සහ අවබෝධයක් තියෙන්න ඕනෙ. දැන් තියෙන්නෙ ඔයා ඉගෙනගත්ත දේවල් ටික තවත් සරල කරන එක​. ඒ කියන්නෙ ඔයා උගන්වන දේවල් පොඩි ළමයෙක්ට උනත් තේරෙන ගානට කියලා දෙන්න ඔයාට පුළුවන් වෙන්න ඕනෙ. අන්න ඒ ගානට ඔයා හදාගත්තම ඒ Topic එක සම්බන්ධයෙන් පොරක් තමයි.

“If you can’t explain it to a six-year-old, you don’t understand it yourself.”

–Albert Einstein

මම හිතනවා මේ ගැන හොද අදහසක් ඔයා ගන්න ඇති කියලා. එහෙනම් අළුත් ලිපියකින් හමුවෙමු. ඵලදායී දවසක්!

ඔබේ දැන්වීම් පළ කිරීමට අපෙන් ඉඩක්.

Share the Knowledge
One thought on “The Feynman Learning Technique Sinhala”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *