What is Cryptography Sinhala (What is Encryption/Decryption Sinhala)What is Cryptography Sinhala (What is Encryption/Decryption Sinhala)

Cryptography Sinhala (මොකද්ද මේ ගුප්ත කේතනය​ කියන්නෙ?)

Cryptography කියන්නෙ දත්ත internet එක වගේ පොදු ජාලයක් හරහා සම්ප්‍රේෂණය කරනකොට සහ ගබඩා කරනකොට දත්ත වල රහස්‍යභාවය එහෙමත් නැත්නම් Confidentiality එක සහ සම්පූර්ණත්වය (Integrity) සුරකින්න පාවිච්චි කරන තාක්‍ෂණයක්.

Encryption වලින් කරන්නෙ අවසර ලත් පුද්ගලයින්ට පමණක් ප්‍රවේශ කරන්න පුළුවන් වෙන විදිහට දත්ත පරිවර්තනය කරන එක​. රහස්‍ය පණිවිඩ යවන්නෙ මේ ගුප්ත කේතනය පාවිච්චි කරලා තමයි. මේ විදිහට දත්ත Encrypt කළාට​ පස්සෙ වෙන කෙනෙක් ළගට මේ Data ගියත් ඒ කෙනාට මේ දත්ත කියවන්න බෑ. ඒ වගේම වෙනස් කරන්නත් බෑ. පහළ තියන උදාහරණෙ රූපය බලලා Encryption සහ Decryption කියන දේ පැහැදිලි කරගන්න​.

What is Cryptography Sinhala (What is Encryption/Decryption Sinhala)
What is Cryptography Encryption/Decryption

උඩ උදාහරණෙ තියන විදිහට හිතන්න​. ඔයා යාලුවෙක්ට “Hello” කියලා Text Message එකක් යවනවා. මේක යන්නෙ Crypto System එකක් හරහායි. මේ හරහා යනකොට අපි input කරනවා key එකක්. මේක රහස්‍ය එකක්. ඒක තියෙන්නෙ ඔයයි ඔයාගේ යාළුවා ළගයි විතරයි. ඉතින් ඔයා key එක input කළාම text එක encypt වෙලා යාළුවාට යනවා. ආයෙත් එයා key එක system එකට input කළාම text එක decrypt වෙලා “Hello” කියන වචනය පෙන්නනවා. හැබැයි මේ text එක මගදි වෙන කෙනෙක් ගත්තත් එයාට පේන්නෙ “Ifmmp” කියන වචනය​.

Crypto Systems ප්‍රධාන වර්ග දෙකක් තියනවා.

1. Symmetric Crypto Systems

මේකෙදි ගුප්ත කේතනය (Encryption) සහ විකේතනය (Decryption) කියන දෙකටම භාවිතා කරන්නේ එකම key එකක්. මේ ක්‍රමයේදී තියන ප්‍රධානම ප්‍රශ්නේ තමා සම්ප්‍රේශකයා සහ ග්‍රාහකයා කියන දෙන්නා අතරේ key එක හුවමාරු කරගන්නකොට රහස්‍යභාවය රැකෙන විදිහට හුවමාරු කිරීමේ අපහසුතාවයි. හැබැයි එක key එකක් විතරක් භාවිතා කරන නිසා කාර්යක්‍ෂමතාවය වැඩියි. ඒ වගේම මේ ක්‍රමයේදි පණිවිඩය එවූ පුද්ගලයා අනන්‍යව හදුනාගන්න බෑ.

2. Asymmetric Crypto Systems

මේ system එකේදි එක්කෙනෙක්ට පෞද්ගලික යතුර​ (Private key) සහ පොදු යතුර (Public key)​ කියලා 2 ක් තියනවා. Public key එක පොදුවේ ඕනම කෙනෙක් අතර හුවමාරු කරගන්න පුළුවන්. හැබැයි Private key එක රහසිගතව තබාගන්නවා. හැබැයි Private key එක වෙන කෙනෙක් අතට ගියොත් සම්ප්‍රේෂණය කරන පණිවිඩ සියල්ල එයාට බලන්න පුළුවන්.

Asymmetric Crypto Systems වල පණිවිඩ සම්ප්‍රේෂණය කරන ප්‍රධාන ආකෘති දෙකක් තියනවා.

1. රහසිගත පණිවිඩ ආකෘතිය (secure message format)

මේ ආකෘතියේදී සම්ප්‍රේෂකයා ග්‍රාහකයාගේ public key එකෙන් පණිවිඩය encrypt කරලා යවනවා. ඒක decrypt කරන්න පුළුවන් ග්‍රාහකයාගේ private key එකෙන් විතරයි. ඒ නිසා වෙන කෙනෙක්ට පණිවිඩය decrypt කරන්න බෑ. හැබැයි පණිවිඩය එවපු පුද්ගලයා කවුද කියලත් හොයාගන්න බෑ.

2. විවෘත​ පණිවිඩ ආකෘතිය (open message format)

මේ ආකෘතියේදී සම්ප්‍රේෂකයාගේ private key එකෙන් message එක encrypt කරලා සම්ප්‍රේෂණය කරනවා. ඕනෑම ග්‍රාහකයෙකුට ඒක ලබාගෙන සම්ප්‍රේෂකයාගේ public key එකෙන් decrypt කරලා බලන්න පුළුවන්. පණිවිඩය encrypt කරලා තියෙන්නෙ ග්‍රාහකයාගේ private key එකෙන් නිසා සම්ප්‍රේෂකයා අනන්‍යව හදුනාගන්න පුළුවන්.

cryptography වල කතා කරන තියෙන්නෙ ඉතින් මේ ටික තමයි. එහෙනම් අළුත් ලිපියකින් හමුවෙමු. ඵලදායී දවසක්!

ඔබේ දැන්වීම් පළ කිරීමට අපෙන් ඉඩක්.

Share the Knowledge

Leave a Reply

Your email address will not be published. Required fields are marked *