Process State Diagram Sinhala, A/L ICT Operating SystemsProcess State Diagram Sinhala, A/L ICT Operating Systems

ක්‍රියායන තත්ත්ව සටහන

ක්‍රියායන කාලයත් එක්ක විවිධ තත්වයන් අතර මාරු වෙනවා. ඒ හුවමාරුවීම් නිරූපණය කරන්න ක්‍රියායන තත්ත්ව සටහන පාවිච්චි කරනවා.

1. නව තත්ත්වය (New State)

ක්‍රියායනයක් පටන් ගද්දිම තියන අවස්ථාව නව අවස්ථාව  කියලා හදුන්වනවා. මේක තමයි ක්‍රියායනයක මූලික තත්ත්වය වෙන්නේ. ක්‍රියායනයක් නිර්මාණය වෙන්න බලපාන හේතු කිහිපයක් තියනවා.     

* පරිශීලකයන් පරිගණක ක්‍රමලේඛනයක් ක්‍රියාත්මක කිරීම.     

* මෙහෙයුම් පද්ධතියෙන් සේවාවන් සැපයීමට ක්‍රියායන නිර්මාණය කිරීම.    

* ක්‍රියාත්මක වෙන වැඩසටහනක් මගින් තවත් ක්‍රියායනයක් ආරම්භ කිරීම.

2. සූදානම් තත්ත්වය (Ready State)

නව තත්ත්වයේ තිබුන ක්‍රියායනයක් ඊලගට පත් වෙන්නේ සූදානම් තත්ත්වයට. මේ තත්වයට පත් වෙන ක්‍රියායන ප්‍රධාන මතකයේ රැදී තියනවා. නව තත්ත්වයේ ඉදලා සූදානම් තත්ත්වයට ක්‍රියායන ගේන්නේ දිගුකාලීන නියමාකාරකය (Long Term Scheduler) මගින්.

3. ධාවන තත්ත්වය (Running State)

සූදානම් තත්ත්වයේ තිබුන ක්‍රියායනයක් සකසනයට ඇතුලත් වෙලා ධාවනය වෙන එක තමයි ධාවන තත්ත්වයේදී වෙන්නේ.සූදානම් අවස්ථාවේ ඉදලා ධාවන අවස්ථාවට ක්‍රියායන ගේන්නේ කෙටි කාලීන නියමාකාරයෙන්.

4. අවහිරකළ තත්ත්වය (Blocked State)

ක්‍රියායනයක් මේ තත්ත්වයට පත් උනොත් ඒක මධ්‍ය සැකසුම් ඒකකයෙන් ඉවත් කරලා ප්‍රධාන මතකයේ හරි අතත්‍ය මතකයේ හරි රදවලා තියනවා. ක්‍රියායනයක් අවහිරකළ තත්ත්වයට පත් වෙන්නෙ ඒ ක්‍රියායනය දිගටම කරගෙන යන්න ඕන වෙන බාහිර සාධකයක් ලැබෙනකන්. ඒ මූලාශ්‍ර සම්පූර්ණ වුන ගමන් අවහිර තත්ත්වයේ ඉදලා ආයෙත් සූදානම් තත්ත්වයට ගිහින් ධාවන තත්ත්වයට පත් වෙනවා.

5. අවසන් කළ තත්ත්වය (Terminated State)

ක්‍රියායනයක් අවසන් කළ තත්ත්වයට පත් වෙන්න බලපාන හේතු විදිහට,

* ක්‍රියායනයේ කාලය අවසන් වීම.

* ක්‍රියායනයට අවශ්‍ය සම්පත් නොලැබීම නිසා ක්‍රියායනය අවසන් වීම.

* ක්‍රියාත්මක වීමේදී ඇතිවන දෝෂ.

* මෙහෙයුම් පද්ධතියේ අවශ්‍යතාවයක් නිසා ක්‍රියායන නැවත්වීම.

ගන්න පුලුවන්.මේ තත්වෙට පත් උනාම ක්‍රියායනය ප්‍රධාන මතකයෙන් ඉවත් කරනවා.

6. ප්‍රතිහරණය කළ සහ රැදී සිටින තත්වය (Swapped out and waiting)

සමහර අවස්ථාව වලදී සූදානම් තත්ත්වයේ පවතින ක්‍රියායන අතත්‍ය මතකයේ තියන මේ තත්ත්වයට මාරැ කරනවා. ඒ ඉක්මනින් ක්‍රියාත්මක කරන්න ඕනෙ වෙනත් ක්‍රියායනයකට ප්‍රධාන මතකයේ ඉඩ ලබා දෙන්න. මේ අවස්ථාවට පත් උන ක්‍රියායන නැවත ධාවනය කරන්න අවශ්‍ය වුනාම ආයෙත් ප්‍රධාන මතකයට යැවීම සිදු කරනවා.

7. ප්‍රතිහරණය කළ හා අවහිර කළ තත්ත්වය (Swapped out and blocked)

ආධාන උපක්‍රම, ප්‍රතිදාන උපක්‍රම වලින් ලැබෙන බාධා කිරීම් නිසා ක්‍රියායනයක් සකසනයෙන් ඉවත් කරලා අතත්‍ය මතකයට යොමු කරනවා. මේ අවස්ථාව ප්‍රතිහරණය කළ හා අවහිර කළ තත්ත්වය කියලා හදුන්වනවා.

©www.ict-sinhala.com

ඔබේ දැන්වීම් පළ කිරීමට අපෙන් ඉඩක්.

Share the Knowledge

Leave a Reply

Your email address will not be published. Required fields are marked *