What is a Programming Language? SinhalaWhat is a Programming Language? Sinhala

What is a Programming Language? (ක්‍රමලේඛණ භාෂාවක් කියන්නෙ මොකද්ද?)

ක්‍රමලේඛණ භාෂාවක් අපි පාවිච්චි කරන්නෙ අපේ විවිධ අවශ්‍යතා සපුරා ගැනීමට​ පරිගණක මෙහෙයවන්න ක්‍රමලේඛණ ලියන්න​. පරිගණක ක්‍රමලේඛණයක් කියන්නෙ මොකක්හරි Programming Language එකක් පාවිච්චි කරලා Computer එකකට පිළිවෙලකට ලබා දෙන උපදෙස් සමූහයක්.

Computer එකකට තේරුම් ගන්න පුළුවන් එකම භාෂාව තමා යාන්ත්‍ර භාෂාව (Machine Language). ඒකට පාදක වෙලා තියෙන්නෙ ද්විමය සංඛ්‍යා පද්ධතිය​.

යාන්ත්‍ර භාෂාවෙන් Programmes ලියන එක සහ Debug කරන එක (debugging කියලා කියන්නෙ දෝෂ නිවැරදි කරන එක​) අමාරු වැඩක් නිසා මුල් කාලේ Assembly කියන භාෂාව නිර්මාණය කරලා තියනවා. ඊටත් පස්සේ වඩා ලේසියෙන් ක්‍රමලේඛණ ලියන්න උසස් මට්ටමේ ක්‍රමලේඛණ භාෂා නිර්මාණය කරලා තියනවා.

1. උසස් මට්ටමේ ක්‍රමලේඛණ භාෂා (High-level programming languages)

ඉංග්‍රීසි භෂාවේ තියන වචන​, සංකේත පාවිච්චි කරලා programmes නිර්මාණය කරන languages තමා High-level programming languages කියලා කියන්නෙ. මේ විදිහට ලියන ක්‍රමලේඛණ සම්පාදක (Compiler) සහ අර්ථ වින්‍යාසක (Interpretter) කියන භාෂා පරිවර්තක භාවිතයෙන් machine language වලට පරිවර්තනය කරනවා. මේක නිසා programmes ලියන්න සහ debug කරන්න ලේසි. ඒ වගේම ක්‍රමලේඛණ ලියන්න Hardware ගැන ලොකු දැනුමක් ඕනෙ නෑ.

සම්පාදක​ (Compiler)

Compiler එකෙන් කරන්නෙ Source code එක එහෙමත් නැත්නම් ප්‍රභව කේතය​ එකවර යාන්ත්‍ර භාෂාවට පරිවර්තනය කරන එක​. මේක කරන්න නම් එකේ Source code කාරක රීති දෝෂ (Systax errors) මුකුත්ම තියෙන්න බෑ.

අර්ථ වින්‍යාසක​ (Interpretter)

මේකෙදි වෙන්නෙ source code එක වරකට එක පේළිය බැගින් යාන්ත්‍ර භාෂාවට පරිවර්තනය කරමින් ක්‍රියාත්මක වෙන එක.

2. පහළ​ මට්ටමේ ක්‍රමලේඛණ භාෂා (Low-level programming languages)

Low-level programming languages කියල සලකන්නෙ ලෝකෙ තියන ඔක්කොම යාන්ත්‍ර භෂා සහ Assembly ක්‍රමලේඛණ භෂා. මේව ඉතින් ලියන්න සහ debug කරන්න ටිකක් අමාරුයි. ඒ වගේම Hardware ගැන දැනුමක් නැතුව මේව ලියන්න බෑ.

Assembler කියන භාෂා පරිවර්තකයෙන් තමා Assembly භාෂාවෙන් ලියපු programme එකක් යාන්ත්‍ර භාෂාවට පරිවර්තනය කරන්නෙ.

තනියෙන් ඉගෙනගන්න හොදම තැන තමා www.w3schools.com ගිහින් බලන්න​. අපේ Python ගැන ලිපි ටිකත් කැමති නම් කියවන්න​.

Programming Language එකක්, එහෙමත් නැත්නම් ක්‍රමලේඛණ භාෂාවක් කියන්නෙ මොකද්ද කියලා දැන් අදහසක් ඇති කියලා හිතනවා. එහෙනම් ඵලදායී දවසක්!

ඔබේ දැන්වීම් පළ කිරීමට අපෙන් ඉඩක්.

Share the Knowledge

Leave a Reply

Your email address will not be published. Required fields are marked *