ආචයන විභාජනය(Storage Allocation)
අපි කලින් Article එකේදි කතා කරා මෙහෙයුම් පද්ධතියක ප්‍රධාන කාර්යයන් ගැන. ඒක කියෙව්වේ නැත්නම් ඒක කියවලම එන්න.
දෘඩ තැටියේ තැන්පත් කරන ගොනු කාර්යක්ෂමව කළමනාකරණය කර ගන්න පුළුවන් විදිහට තැන්පත් කරගන්න ඕනේ. ඒ විදිහට තැන්පත් කරන ගොනු ක්‍රමවත්ව ගබඩා කරන්නත් දත්ත නැවත නැවත පාවිච්චි කරද්දී ඒවාට ලගාවෙන්නත් ආචයන විභාජනය යොදා ගන්නවා. දත්ත තැන්පත් කරන්න මෙහෙයුම් පද්ධතියක් යොදා ගන්න ආකාර 3 ක් තියනවා.
1. යාබද විභාජනය(Contiguous Allocation)
2. සබැදි විභාජනය(Linked Allocation)
3. අනුක්‍රමික විභාජනය(Indexed Allocation)
1. යාබද විභාජනය

දෘඪ තැටියේ දත්ත තැන්පත් වෙන්නේ ඒකෙ තියන කුඩාම ඒකකය වෙන කැටිති(sectors) තුල. එක කැටිත්තක උපරිම දත්ත බයිට 512 තැන්පත් කරන්න පුලුවන්. දත්ත ගොනුවේ බිටු ගාන වැඩි වෙනකොට එක ගොනුවක් සදහා කැටිති කිහිපයක් පාවිච්චි කරන්න වෙනවා. ඒ විදිහට දත්ත ගොනු දෘඪ තැටියේ එක ලග තියන කැටිති කිහිපයක තැන්පත් කිරීම යාබද විභාජනයේදී සිදුවෙනවා.
2. සබැඳි විභාජනය

ගොනුවක දත්ත දෘඪ තැටියේ එක ලග තියන කැටිතිවල තැන්පත් වෙන්නේ නැතුව විවිධ තැන්වල තැන්පත් වෙන එක තමයි සබැඳි විභාජනයේදී වෙන්නේ. එක එක කැටිත්තේ ඊලගට දත්ත තියන කැටිත්ත ගැන සටහනක් තියනවා.
3. අනුක්‍රමික විභාජනය

ගොනුවක දත්ත තැන්පත් කරලා තියන සෑම කැටිත්තක් ගැනම තොරතුරු වෙනම කැටිත්තක නැත්නම් සුචියක දක්වන එක තමා මේකෙදි වෙන්නේ. එතකොට දත්ත ප්‍රවේශ කරද්දී ඒ සුචිය පාවිච්චි කරලා දත්ත වෙත ප්‍රවේෂ වෙනවා.
Thanks for explain with pictures.