ISO-OSI 7 Layers SinhalaISO-OSI 7 Layers Sinhala

අපි දන්නවා ලෝකයේ විවිධ නිෂ්පාදකයින් පරිගණක යන්‍ත්‍ර සහ විවිධ සන්නිවේදන උපකරණ නිෂ්පාදනය කරනවා. හිතන්න ඒ නිෂ්පාදකයින් තමන්ට ඕන ඕන විදිහට මේ උපකරණ නිෂ්පාදනය කළොත් අපිට දත්ත සන්නිවේදනය සදහා ඒවා එකිනෙක සම්බන්ධ කරලා පාවිච්චි කරද්දි සෑහෙන ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා.

අන්න ඒක නිසා ලෝකෙ ඉන්න හැමෝම මේ උපකරණ නිපදවන්නේ එක සම්මතයකට අනුවයි. ඒ නිසා තමා අපිට සාර්ථකව මේ විදිහට පහසුවෙන් දත්ත සන්‍නිවේදනය කරන්න පුළුවන් වෙලා තියෙන්නෙ. මේ සදහා භාවිතා කරන්නෙ ISO-OSI 7 Layers. එහෙමත් නැතිනම් සප්ත ස්ථර විවෘත සබදතා ආකෘති.​

ISO-OSI 7 Layers Sinhala
ISO-OSI 7 Layers Sinhala

1. Physical Layer (භෞතික ස්ථරය)

සන්නිවේදන උපකරණ භෞතිකව සම්බන්ධ කරන්නෙ මේ ස්ථරයේ තමයි. යාන්ත්‍රික ලක්‍ෂණ (Mechanical characteristics)​, විද්‍යුත් ලක්‍ෂණ (Electrical characteristics)​, ක්‍රියාකාරීත්වය පිළිබද ලක්‍ෂණ (Functional characteristics) සහ ක්‍රියාපටිපාටි පිළිබද ලක්‍ෂණ (Procedural characteristics) ගැන කතා කරන්නෙ මේ එකේ තමයි.

ISO-OSI 7 Layers Sinhala
ISO-OSI 7 Layers Sinhala

2. Data Link Layer (දත්ත සන්ධාන ස්ථරය​)

Physical Layer එක මගින් ගොඩනැගු සම්බන්ධතාවය ඔස්සේ සජීවි සම්බන්ධතාවයක් ගොඩනගා දත්ත සම්ප්‍රේෂණය කරන එක තමයි Data Link Layer එකේ වැඩේ වෙන්නෙ.

මේ ස්ථරයේදී දත්ත හදුන්වන්නේ රාමු (Frames) කියලා. රාමුවක් හැදිලා තියෙන්නෙ bit සමූහයකින්. ඒ වගේම රාමුවකට ශීර්ශයක් (Head) හා වල්ගයක් (Tail) තියනවා.`

සම්ප්‍රේෂණ සහ ග්‍රාහක අතර සජීවි සබදතාවක් ගොඩනැගීම, දත්ත රාමු ලෙස සම්ප්‍රේෂණය කිරීම​, ගැලීම් පාලනය (Flow Control) හා දෝෂ පාලනය (Error Control) තමයි Data Link Layer එකේදි වෙන්නේ.

3. Network Layer (ජාල ස්ථරය​)

ජාල ස්ථරයේදී දත්ත හදුන්වන්නේ මලු (Packets) විදිහට​. Data Packet එකක Head කොටසක් සහ Data කොටසක් තියනවා. Data Packets සම්ප්‍රේෂණ අග්‍රයේ සිට ග්‍රාහක අග්‍රයට මාර්ගගත කිරීම තමයි Network Layer එකේ වැඩේ වෙන්නෙ.

මාර්ගගත කරන්න පාවිච්චි කරන උපකරණය තමයි මාර්ගකාරකය එහෙමත් නැත්නම් Router එක​. ip addresses තමයි ජාල ස්ථරයේ භාවිතා වෙන්නෙ. Internet එකට සම්බන්ධ වෙලා තියන හැම Computer එකකටම අනන්‍ය ip address එකක් තියනවා.

ISO-OSI 7 Layers Sinhala`
ISO-OSI 7 Layers Sinhala

4. Transport Layer (ප්‍රවාහන ස්ථරය​)

Transport Layer එකේ ප්‍රධාන වැඩේ තමා ක්‍රියායනයක සිට ක්‍රියායනයකට (Process) සන්නිවේදනය කරන එක​. මේකෙදි හැම Process එකක්ම අනන්‍යව හදුනාගන්න Number එකක් භාවිතා කරනවා. ඒකට අපි කියන්නෙ Port Number එක කියලා. Port Number එකට bit 16 ක් තියනවා, ඒ කියන්නෙ 0 සිට 65535 දක්වා අගය පරාසයක් තියනවා.

ප්‍රවාහන ස්ථරයේදි දත්ත වලට කියන්නෙ Segments කියලා. Segment එකක Head එකේ සම්ප්‍රේෂණ සහ ග්‍රාහක Port Numbers තියනවා. ක්‍රියායනයක සිට ක්‍රියායනයකට සන්නිවේදනය​, ක්‍රියායනයක සිට ක්‍රියායනයකට ගැලීම් පාලනය සහ ක්‍රියායනයක සිට පාලනය තමා ප්‍රවාහන ස්තරයේ කාර්යයන්.

5. Session Layer (සැසි ස්ථරය)

Session Layer එකේ ප්‍රධාන කාර්යයන් දෙකක් තියනවා. ඒ තමා සංවාද පාලනය (Dialog Control) සහ සමමුහුර්තකරණය​ (Synchronization). සංවාද පාලනය යටතේ තමා සම්ප්‍රේෂණ සහ ග්‍රාහක අග්‍ර අතර දත්ත සම්ප්‍රෂණය කරන ක්‍රමවේදය තීරණය කරන්නේ.

උදා –

  • Simplex (එකපථ)
  • Half duplex (අර්ධ ද්වීපථ)
  • Full duplex (පූර්ණ ද්වීපථ)

සමමුහුර්තකරණය යටතේ කරන්නේ දත්ත යම් ප්‍රමාණයක් සම්ප්‍රේෂණය උනාට පස්සේ ඒ වෙනකන් ලැබුණු දත්ත වලට අදාළව සම්ප්‍රේෂණ අග්‍රය වෙත ප්‍රතිපණිවිඩ නිකුත් කරන එක. සම්ප්‍රේෂණය වුණු දත්ත වල දෝෂ තියනවා නම් ඒ ගැන සම්ප්‍රේෂණ අග්‍රය දැනුවත් කරලා නැවත එම දත්ත සම්ප්‍රේෂණය කරවා ගන්නවා.

6. Presentation Layer (සමර්පණ ස්ථරය)

Presentation Layer එකේ ප්‍රධාන කාර්යයන් 3 යි. ඒ තමා පරිවර්තනය (Translation), ගුප්ත කේතනය (Encryption) සහ සම්පිණ්ඩනය (Compression).

Translation කියන්නේ සම්ප්‍රේෂණ සහ ග්‍රාහක අග්‍ර එකිනෙකට වෙනස් දත්ත ආකෘති භාවිතා කරනවා නම් ඒවා පොදු ආකෘතියකට පරිවර්තනය කරල සම්ප්‍රේෂණය කරන එක.

Encryption වලින් කරන්නේ දත්ත වල රහස්‍ය භාවය සුරකින එක. සම්ප්‍රේෂණ අග්‍රය දත්ත Encrypt කරලා සම්ප්‍රේෂණය කරනවා. ග්‍රාහක අග්‍රය ඒ දත්ත Decrypt කරලා තේරුම් ගන්නවා.

Compression වලින් කරන්නේ සම්ප්‍රේෂණය කරන දත්ත වල bit ප්‍රමාණය අවම කරලා ඉක්මනින් සම්ප්‍රේෂණය කරන එක. මේවා කරන්නේ Compression Algorithm වලින්.

7. Application Layer (යෙදුම් ස්ථරය)

Users ලා දත්ත සන්නිවේදනය කරන්න භාවිතා කරන Softwares තමා Application Layer එක යටතට ගන්නේ. Data communicate කරන්න අවශ්‍ය user interface එක සපයන්නේ යෙදුම් ස්ථරයෙන්.

මම හිතනවා එහෙනම් ඔයාලා ISO-OSI 7 Layers ගැන අදහසක් ගන්න ඇති කියලා. Networking ගැන අපි දාල තියන අනිත් ලිපි කියවන්න අමතක කරන්නත් එපා. අලුත් ලිපියකින් හමුවෙමු. ඵලදායී දවසක්!

ඔබේ දැන්වීම් පළ කිරීමට අපෙන් ඉඩක්.

Share the Knowledge

Leave a Reply

Your email address will not be published. Required fields are marked *