Main functions of an OS sinhala මෙහෙයුම් පද්ධතියක ප්‍රධාන කාර්යයන්, මතක කළමනාකරණය, ක්‍රියායන කළමනාකරණය, මෙහෙයුම් පද්ධතිMain functions of an OS sinhala මෙහෙයුම් පද්ධතියක ප්‍රධාන කාර්යයන්, මතක කළමනාකරණය, ක්‍රියායන කළමනාකරණය, මෙහෙයුම් පද්ධති

මෙහෙයුම් පද්ධතියක ප්‍රධාන කාර්යයන්

1. පරිශීලක අතුරු මුහුණත්  සැපයීම

අතුරු මුහුණතකින් තමයි පද්ධතික් ක්‍රියාත්මක වෙන්න පරිශීලකයන්ට ලබාදෙන  එක එක විධානයන් කෙලින්ම පද්ධතියට දෙන්නේ.


අතුරු මුහුණත් ( User Interfaces ) වලට උදාහරණ :


               • චිත්‍රක පරිශීලක අතුරු මුහුණත් – Graphical User Interface( GUI )
               •විධාන පේළි අතුරු මුහුණත් – Command Line Interface ( CLI )

2. ක්‍රියායන කළමනාකරණය

ක්‍රියායනයක්(Process) කියන්නේ  ප්‍රධාන මතකයට (RAM) ගිහින් මධ්‍ය සැකසුම් ඒකකයත්(CPU) ‍එක්ක එකතුවෙලා ක්‍රියාත්මකවෙන ක්‍රමලේඛනයකට.
එක ක්‍රමලේඛනයක් ඇතුලේ ක්‍රියායන ගොඩක් තියෙන්න පුලුවන්.


මේ ක්‍රියායන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන එක තමයි මෙහෙයුම් පද්ධතියෙන් කරන්නේ.

3. මතක කළමනාකරණය

මතක කළමනාකරණයේදී වෙන්නේ ක්‍රමලේඛන වලට මතකයේ ඉඩ ලබා දෙන ගමන් මතකය නිසි ලෙස පවත්වාගෙන යන එක.


ක්‍රමලේඛන කිහිපයක් භාවිතා කරන කොට ඒවා අතර ගැටීම් වෙන එක නවත්තන එකත් එක  එක ක්‍රමලේඛන ක්‍රියාත්මක වෙලා ඉවර උනාම ඒවා ඉවත් කරලා වෙනත් ක්‍රමලේඛන මතකයේ ඉඩ ලබා දෙන එකත් මෙහෙයුම් පද්ධතියෙන් සිදු කරනවා.

4. උපාංග කළමනාකරණය

උපාංග කියන්නේ පරිගණක පද්ධතියක දෘඪාංග කියලා හදුන්වන මුද්‍රණ යන්ත්‍රය(printer), යතුරු පුවරු(keyboard), මූසිකය(mouse), සුපරික්ෂකය(scanner), දෘඪ තැටිය(hard disks), පරිගණක තිරය(monitor) වගේ දේවල් වලට.

මෙහෙයුම් පද්ධතිය මේ වගේ උපාංග පාලනය කරන්න යොදා ගන්න ධාවක වැඩසටහන්(device drivers) එක්ක එකතු වෙලා වැඩ කරන එක තමයි උපාංග කළමනාකරණයේදී වෙන්නේ. මේ ධාවක වැඩසටහන් ඇතුලත් කරලා තියෙන්නේ උපාංග වල තියන පඨන මාත්‍ර මතකයේ (ROM). ඒ නිසා පරිගණයට උපාංගයක් සම්බන්ධ කලාම ස්වයංක්‍රීයව මෙහෙයුම් පද්ධතියෙන් ඒ මෘදුකාංගය ස්ථාපිත වෙලා නිවැරැදිව ක්‍රියාත්මක වෙනවා.

5. ගොනු කළමනාකරණය

අපි පරිගණකයට ඇතුලත් කරන ඇතුලත් කරන දත්ත සහ තොරතුරු දෘඪ තැටියේ තැන්පත් වෙන්නේ ගොනුවක් විදිහට. මේ විදිහට තැන්පත් කරන ගොනු,

1. නිර්මාණය කිරීම

2. දත්ත ලිවීම

3. කියවීම

4.වෙන තැනකට පිටපත් කිරීම

5. මකා දැමීම

6. අවශ්‍ය තැන්වල තැන්පත් කිරීම

වගේ කාර්යයන් කර ගන්න මෙහෙයුම් පද්ධතිය පහසුකම් සපයනවා.

6.ආරක්ෂක කළමනාකරණය

එක එක වර්ගයේ වෛරස් වැඩසටහන් නිසා පරිගණකයේ මෘදුකාංග වලට හානි වෙන එක අපි හැමොම දන්න දෙයක්. ඒ වගේම අවසරයක් නැතුව පරිගණක පද්ධතියකට ඇතුල්වෙන බාහිර පුද්ගලයන් නිසා පරිගණකයේ තොරතුරු, දත්ත වලට හානි වෙන්න පුලුවන්. මේ වගේ තර්ජන වලින් පරිගණක පද්ධතියක් ආරක්ෂා කරන්නේත් මෙහෙයුම් පද්ධතිය.

රහස් පද(password) ලබා දීමේ හැකියාව, ගිණි පවුර(firewall) වගේ මෘදුකාංග ආරක්ෂක කළමනාකරණයට උදාහරණ විදිහට දක්වන්න පුලුවන්.

ඔබේ දැන්වීම් පළ කිරීමට අපෙන් ඉඩක්.

Share the Knowledge

Leave a Reply

Your email address will not be published. Required fields are marked *