Networking SinhalaNetworking Sinhala

මේකෙදි මම Networking ගැන සම්පූර්ණයෙන් නම් කතා කරන්නෙ නෑ. අපේ Telegram Channel එකේ දාලා තියන Networking වලට අදාළ​ පොඩි Articles ටිකක් තමයි මේ දාලා තියෙන්නෙ. කැමති නම් අපේ Networking වලට අදාළ තියන ලිපි කියවන්න අමතක කරන්නත් එපා.

What is World Wide Web – WWW මොකද්ද මේ ලෝක විසිරි වියමන ?

WWW කියලා කියන්නෙ අන්තර්ජාලයෙන් සපයන සේවාවක්. ලෝකය පුරා අන්තර්ජාලයට සම් බන් ධ වෙලා තියන පරිගණක වල ගබඩා කර ඇති විද්‍යුත් ලේඛන වල එකතුවක් තමයි මේ ලෝක විසිරි වියමන කියන්නෙ. මේකෙ නිර්මාතෘ වෙන්නෙ Tim Berners-Lee.

What is DNS? DNS කියන්නේ මොකද්ද?

DNS කියලා කියන්නේ Domain Name System කියන එක. DNS එකේ තමා අපිට යන්න ඕනේ website වලට අදාල Domain Name වල IP addresses ගබඩා කරලා තියෙන්නේ. හිතන්න ඔයාට Facebook යන්න ඕනේ උනාම ඔයා කරන්නේ facebook.com කියලා ගහලා log වෙන එකනෙ. හැබැයි ඔයා එහෙම ගහලා log උනාට ඇත්තටම වෙන්නේ facebook.com කියලා ගැහුවම DNS එකෙන් Domain එකට අදාල අපිට දෙන IP address එකට log වෙන එක.

What is HTTP? මොකද්ද මේ HTTP කියලා කියන්නෙ?

HTTP කියලා කියන්නෙ Hyper Text Transfer Protocol කියන එක.

HTTP කියන්නෙ internet එකේ තියන ජාලගත උපාංග අතර තොරතුරු හුවමාරු කිරීම සඳහා නිර්මාණය කර ඇති Application Layer Protocol එකක්. Web Browsers සහ Web Servers අතර දත්ත සන්නිවේදනයට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නෙ.

What is A Network Topology ? මොකක්ද මේ ජාල ස්ථලකය කියලා කියන්නෙ ?

ජාල ස්ථල විද්‍යාව කියලා කියන්නෙ,ජාලයක Nodes සහ Connections වල භෞතික හා තාර්කික සැකැස්මට.

මේ Nodes වලට සාමාන්‍යයෙන් Switches , Routers සහ විශේෂාංග සහිත ස්විච(Software With Switch) සහ Software වැනි උපාංග ඇතුළත් වෙනවා.මේ Network Topologies බොහෝ විට ප්‍රස්ථාරයක්(Graph) විදිහට නිරූපණය කෙරෙනවා.

Network Topologies විවිධාකාරයෙන් තියෙනවා.
~ Ring network
~ Mesh network
~ Tree topology
~ Star network
~ Bus network
~ Point – to – point
~ Logic
~ Tree
~ Daisy chain
~ Chain

What is IPV6- IP Version 6?  මොකද්ද මේ IPV6 කියලා කියන්නෙ?

වර්තමානය වෙනකොට Internet එකට සම්බන්ධ වෙන devices ගණන ඉතාමත් වේගෙන් ඉහළ යන නිසා IPV4 addresses ප්‍රමාණවත් උනේ නෑ. අන්න ඒ නිසා Internet Engineering Task Force (IETF) එක විසින් හදුන්වලා දෙනවා මේ අළුත් IP Version 6 එක​.

IPV4 Address එකක bit 32 ක් තිබුණත්  IPV6 Address එකක් bit 128 කින් සමන්විතයි. මේක binary වලින් නිරූපණය කරන එක අමාරු නිසා hexadecimal වලින් තමයි නිරූපණය කරන්නෙ.

මේ ලිපිනයක ඉලක්කම් 4 බැගින් කොටස් 8 ක් තියනවා. ඒ වගේම ඒවා වෙන් කරන්න අපි යොදන්නෙ colon එකක්. IPV4 වල නම් ඒකට යෙදුවෙ තිතක්.

IPv4 – 192.168. 10.150

IPv6 – 3002:0bd6:0000:0000:0000:ee00:0033:6778

Networking Sinhala

ඔබේ දැන්වීම් පළ කිරීමට අපෙන් ඉඩක්.

Share the Knowledge

Leave a Reply

Your email address will not be published. Required fields are marked *