Networking sinhala, Subnetting sinhalaSubnetting sinhala

මම කලින් Subnetting Article එකක් ලියලා තියනවා. මතක ඇතිව ඒක මුලින්ම මෙතනින් ගිහින් කියවලා එන්න​. හරි, මම අන්තිමට කතා කලා Network එකක් Subnet 2 කට කඩන හැටි ගැන​. දැන් බලමු 8 කට වෙන් කරන උදාහරණයක්.

Subnetting sinhala
Subnetting sinhala

උඩ උදාහරණේ විදිහට අපි SID එක සදහා bit 3 ක් වෙන කරගෙන තියනවා. ඒ කියන්නේ අපිට subnets 23 හදන්න පුළුවන්. ඒ කියන්නෙ 8 ක්. ඒ වගේම උපජාලයක් සත්කාරකයින් 25 – 2 = 30 ක් ඉන්න පුළුවන්.

Networking sinhala, Subnetting sinhala
Subnetting sinhala
Networking sinhala, Subnetting sinhala
Subnetting sinhala
Networking sinhala, Subnetting sinhala
Subnetting sinhala
Networking sinhala, Subnetting sinhala
Subnetting sinhala

VLSM – Variable Lenth Subnet Mask

ඔන්න දැන් තමා ටිකක් අමාරු ගණන් වලට එන්නෙ. හිතන්න ඔයාට 192.168.1.0/24 කියන ජාලය උපජාල තුනකට කඩන්න දෙනවා. ඒ එක උපජාලයක (Subnet) සත්කාරකයින් (Hosts) 120 ක් ඉන්නවා කියලා. මේ ip address එක Class C නිසා HID එකට තියෙන්නෙ bit 8 යි. එතකොට අපිට SID එක සදහා bit 2 ක් වෙන් කරගන්න වෙනවා. හැබැයි එහෙම කරොත් එක Subnet එකක ඉන්න පුළුවන් සත්කාරකයින් 62 යි.

අන්න ඒ වගේ ගණන් හදන විදිහ තමා දැන් බලන්න යන්නෙ. මම කලින් ලියපු Articles හරියට කියවලා තේරුම් ගත්ත කෙනෙක්ට නම් මේක තේරුම් ගන්න එක අමාරු වැඩක් නෙවෙයි. 192.168.1.0/24 කියන ip address එක Subnets 3 කට වෙන් කිරීම සදහා දීල තියන පහළ වගුව බලන්න​.

SubnetHosts
x120
y60
z54

මුලින්ම අපි HID එක සදහා වෙන් කරලා තියන bit 8 න් එක bit එකක් SID එක සදහා වෙන් කරගෙන Subnets දෙකකට වෙන් කරගෙන ඉමු. එතකොට HID එක සදහා bit 7 ක් තියන නිසා එක Subnet එකක ලිපින 128 ක් තියෙන්නෙ පුළුවන්. ඒ කියන්නෙ සත්කාරකයින් 128 – 2 = 126 ක් තියෙන්න පුළුවන්. X කියන එක සදහා 0th Subnet එක වෙන් කරමු.

subnetting sinhala, networking
subnetting sinhala

0 th Subnet එකේ Subnet Mask එක තමා 255.255.255.128. 1 st Subnet එක Y සහ Z කියන දෙක සදහා පහළ තියන විදිහට වෙන් කරන්න පුලුවන්. ඒ දෙකේ Subnet Mask එක තමා 255.255.255.192 .

subnetting sinhala, networking
subnetting sinhala

Y සහ Z කියන දෙකේ Subnet එක තමා 255.255.255.192 . ඔය විදිහට තමා ඉතින් මේ වගේ ගානක් හදන්නෙ. මුල්ම සැරේ නොතේරෙන්න පුළුවන්. ඒක නිසා ආයෙ බලල තේරුම් ගන්න බලන්න​. කලින් ඒව බලලා නැත්නම් ඒව කියවලා ඉවර වෙලා මේ Article එක කියවන්න​. එහෙනම් ඵලදායි දවසක්!

ඔබේ දැන්වීම් පළ කිරීමට අපෙන් ඉඩක්.

Share the Knowledge

Leave a Reply

Your email address will not be published. Required fields are marked *