මම කලින් Subnetting Article එකක් ලියලා තියනවා. මතක ඇතිව ඒක මුලින්ම මෙතනින් ගිහින් කියවලා එන්න. හරි, මම අන්තිමට කතා කලා Network එකක් Subnet 2 කට කඩන හැටි ගැන. දැන් බලමු 8 කට වෙන් කරන උදාහරණයක්.
උඩ උදාහරණේ විදිහට අපි SID එක සදහා bit 3 ක් වෙන කරගෙන තියනවා. ඒ කියන්නේ අපිට subnets 23 හදන්න පුළුවන්. ඒ කියන්නෙ 8 ක්. ඒ වගේම උපජාලයක් සත්කාරකයින් 25 – 2 = 30 ක් ඉන්න පුළුවන්.
VLSM – Variable Lenth Subnet Mask
ඔන්න දැන් තමා ටිකක් අමාරු ගණන් වලට එන්නෙ. හිතන්න ඔයාට 192.168.1.0/24 කියන ජාලය උපජාල තුනකට කඩන්න දෙනවා. ඒ එක උපජාලයක (Subnet) සත්කාරකයින් (Hosts) 120 ක් ඉන්නවා කියලා. මේ ip address එක Class C නිසා HID එකට තියෙන්නෙ bit 8 යි. එතකොට අපිට SID එක සදහා bit 2 ක් වෙන් කරගන්න වෙනවා. හැබැයි එහෙම කරොත් එක Subnet එකක ඉන්න පුළුවන් සත්කාරකයින් 62 යි.
අන්න ඒ වගේ ගණන් හදන විදිහ තමා දැන් බලන්න යන්නෙ. මම කලින් ලියපු Articles හරියට කියවලා තේරුම් ගත්ත කෙනෙක්ට නම් මේක තේරුම් ගන්න එක අමාරු වැඩක් නෙවෙයි. 192.168.1.0/24 කියන ip address එක Subnets 3 කට වෙන් කිරීම සදහා දීල තියන පහළ වගුව බලන්න.
Subnet | Hosts |
x | 120 |
y | 60 |
z | 54 |
මුලින්ම අපි HID එක සදහා වෙන් කරලා තියන bit 8 න් එක bit එකක් SID එක සදහා වෙන් කරගෙන Subnets දෙකකට වෙන් කරගෙන ඉමු. එතකොට HID එක සදහා bit 7 ක් තියන නිසා එක Subnet එකක ලිපින 128 ක් තියෙන්නෙ පුළුවන්. ඒ කියන්නෙ සත්කාරකයින් 128 – 2 = 126 ක් තියෙන්න පුළුවන්. X කියන එක සදහා 0th Subnet එක වෙන් කරමු.
0 th Subnet එකේ Subnet Mask එක තමා 255.255.255.128. 1 st Subnet එක Y සහ Z කියන දෙක සදහා පහළ තියන විදිහට වෙන් කරන්න පුලුවන්. ඒ දෙකේ Subnet Mask එක තමා 255.255.255.192 .
Y සහ Z කියන දෙකේ Subnet එක තමා 255.255.255.192 . ඔය විදිහට තමා ඉතින් මේ වගේ ගානක් හදන්නෙ. මුල්ම සැරේ නොතේරෙන්න පුළුවන්. ඒක නිසා ආයෙ බලල තේරුම් ගන්න බලන්න. කලින් ඒව බලලා නැත්නම් ඒව කියවලා ඉවර වෙලා මේ Article එක කියවන්න. එහෙනම් ඵලදායි දවසක්!