Subnetting Sinhala #01

උපජාලකරණය 01 කොටස​

අද අපි පටන් ගන්න යන්නෙ Subnetting කොටස. මේක තමා පළවෙනි Subnetting කොටස​. මේකට අවශ්‍ය මූලික දැනුම ගන්න ඕනෙ දේවල් ගැන මම කලින් ලිපි තුනකින් කතා කරා. ඒ තුන කියෙව්වෙ නැත්නම් කියවලම එන්න​. උපජාලකරණය ගැන කතා කරන්න කලින් දේවල් දෙකක් ගැන කතා කරන්න තියනවා. ඒ දෙක බලලා ඉමු.

1. උපජාල වසනය​ (Subnet Mask – SM)

Subnet Mask එක පාවිච්චි කරන්නේ ip address එකක NID එකට සහ HID එකට අදාළ බිට් ගණන හදුනාගන්න​. මේකෙදි අපි කරන්නෙ එකට අදාළ ඔක්කොම බිට් වල අගය 1 කරන එක සහ එකට අදාළ ඔක්කොම බිට් වල අගය 0 කරන එක​.

  • Class A SM – 255.0.0.0
  • Class B SM – 255.255.0.0
  • Class C SM – 255.255.255.0

හිතන්න​, ඔයා ගාව ip address එකක් තියනවා. ඔයා ඒ ip address එක ඒකට අදාළ Subnet Mask එකත් එක්ක AND මෙහෙයුමකට ලක් කරොත් ඔයාට එන උත්තරේ තමා ඒ ip address එකට අදාළ Network Address එක​.

2. Network Prefix

IP Address එකක NID එකට භාවිතා වෙන බිට් ගණන ip address එක අගින් ඇල ඉරක් දාල ලියන එක තමා Network Prefix කියලා කියන්නේ. මේකට CIDR Notation (Classless Inter-Domain Routing) කියලත් කියනවා.

උදා –

  • 134.65.45.14/16
  • 23.234.12.54/8

දැන් එහෙනම් අපි යමු උපජාලකරණය ගැන කතා කරන්න​.

උපජාලකරණය (Subnetting) කියන්නෙ පරිගණක ජාලයක් තවත් උපජාල කිහිපයකට වෙන් කරන එකට​. පරිගණක ජාලයක NID එක අපිට වෙනස් කරන්න බෑ. ඒ නිසා උපජාලකරණයට අපි යොදා ගන්නේ HID එක​.

මේකෙදි අපි කරන්නෙ උපජාලය (Subnet) හදුනාගන්න HID එකෙන් බිට් එකක් හෝ කිහිපයක් වෙන් කරන එක​. යට තියන Class C වර්ගයේ IP Address එක බලන්න​.

192.39.75.0/24

මේ Network එකේ අවසාන අෂ්ඨකය (Octet) තමා එකට අයත් වෙන්නෙ. අෂ්ඨකය කියන්නෙ මොකද්ද කියල මම මීට කලින් කියල තියනවනෙ. ඒ කියන්නෙ HID එකට බිට් 8ක් තියනවා.

අපි මුලින්ම පොඩි ගානක් බලමු. ජාලය උපජාල දෙකකට කඩන එක බලමු. දීලා තියන ip address එකේ HID එකට අදාළ බිට් 8 න් පළවෙනි බිට් එක Subnet එක හදුනාගන්න වෙන් කරමු. ඉතිරි වෙන බිට් හත HID එකට වෙන් කරනවා.

Subnetting Sinhala

උඩ කියපු විදිහට අපි Subnet එක වෙනුවෙන් වෙන් කරන බිට් එක අපිට 0 සහ 1 නිරූපණය කරන්න පුළුවන්. ඒ කියන්නෙ Subnet දෙකකට කඩන්න පුළුවන්. ඒ තමා 0th Subnet එක සහ 1st Subnet එක​.

Subnetting Sinhala

මේ උපජාල වල Subnet Mask එක තමා 255.255.255.128 . මේවා ආපු විදිහ තේරුම් ගන්න අමාරුයි වගේ නම් කලින් දාපු Articles ටික කියවලා එන්න​. උපජාල වලට බෙදුවට පස්සෙ SID එකට බිට් 7 ක් නිසා එක ජාලයක ip addresses 128 (27) යි තියෙන්නෙ.

අදට ඇති කියලා හිතනවා. දෙවෙනි කොටසෙන් ඊළග දේවල් ටික කතා කරමු. ඵලදායී දවසක්!

ඔබේ දැන්වීම් පළ කිරීමට අපෙන් ඉඩක්.

Share the Knowledge

Leave a Reply

Your email address will not be published. Required fields are marked *