Subnetting al Sinhala

මුලින්ම අපි ලියල තියන දශමය සංඛ්‍යා ද්විමය සංඛ්‍යා බවට හරවන ලේසි ක්‍රමය ගැන තියන ලිපිය කියවල එන්න​. එහෙම නැත්නම් මේක තේරෙන එකක් නෑ.

අපි මුලින්ම බලමු ip address එකක් කියන්නෙ මොකද්ද කියල​. Ip address එකක් කියල කියන්නෙ ජාල ස්තරයේ (Network Layer) භාවිතා වන තාර්කික ලිපින වර්ගයක්. ISO-OSI 7 Layers ගැන දන්නෙ නැත්නම් ඒ එකත් කියවලම එන්න​.

අන්තරජාලයේ තියන සෑම පරිගණකයක්ම අනන්‍යව හදුනාගන්න තමා ip addresses පාවිච්චි කරන්නෙ. IPV4 (ip version 4) වල නම් bits 32 ක් තමා පාවිච්චි වෙන්නෙ. IPV6 (ip version 6) වල නම් bits 128 ක් පාවිච්චි වෙනවා. අපිට A/L වලට තියෙන්නෙ IPV4 නිසා අපි ඒක​ විතරක් දැනට කතා කරමු.

Version 4 ip address එකක bits 32 ක් තියනවා කියල කිව්වනෙ. ඒ කියන්නෙ Bytes නම් 4 ක්. ඒ bits 32 හැදිල තියෙන්නෙ bits 8 බැගින් වූ කොටස් හතරකින්. අපි ඒ එක කොටසකට කියනවා අෂ්ඨකයක් (Octet) කියල​. මේවා වෙන් කරන්නෙ තිත් තුනකින්.

IP Addressing for Subnetting Sinhala
IP Addressing for Subnetting Sinhala

Ip address එකක කොටස් දෙකක් තියනවා. පළවෙනි එක තමා Network ID එක​. අනිත් එක Host ID තමා එක​. Network ID එකෙන් කරන්නෙ ජාලය හදුනාගන්න එක​. Host ID එකෙන් කරන්නෙ ජාලය තුළ තියන අදාළ පරිගණකය හදුනාගන්න එක​.

Ip ලිපින A, B, C, D, E කියල ප්‍රධාන පන්ති (Classes) 5 කට වෙන් කරල තියනවා. A/L වලට නම් තියෙන්නෙ class A, B, C ගැන විතරයි.

IP Addressing for Subnetting Sinhala
IP Addressing for Subnetting Sinhala

උඩ තියන විදිහට තමා ඒ Classes වලට අදාළ NID සහ HID අදාළ වෙන් කරලා තියෙන්නෙ.

අපිට IP Address එකක් බලලා ඒක අයත් වෙන Class එක අදුනගන්න පුළුවන්. අපි මේක හොයාගන්නෙ පළමු අෂ්ඨකයෙන්. මුලින්ම බලමු Binary වලින් තියනකොට කොහොමද ip address එකක class එක හොයාගන්නෙ කියල​.

Class A = “0”

Class B = “10”

Class C = “110”

උඩ තියන විදිහට First Octet එක පටන් ගන්න විදිහ බලලා අදාළ Class එක තීරණය කරන්න පුළුවන්. දැන් බලමු Decimal විදිහට තියන ip address එකක First Octet එක බලල Class එක බලන විදිහ​. යට තියන පරාසයන් වලට තමා අදාළ Classes අයත් වෙන්නෙ.

Class A = 0 – 127

Class B = 128 – 191

Class C = 192 – 223

පෞද්ගලික IP ලිපින​ (Private IP Addresses)

පෞද්ගලික පරිගණක ජාලයක් (Private Computer Network) නම් අපිට ඕනෙම ip address එකක් දෙන්න පුලුවන් නේ. හැබැයි අපි දන්නවා අන්තර්ජාලයේ තියන හැම Computer එකකටම අනන්‍ය වුනු ip address එකක් තියනවා. ඉතින් අර වගේ Private Computer Network එකක් Internet එකට සම්බන්ධ කරනකොට ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒක නිසා IANA – Internet Assigned Numbers Authority එකෙන් පෞද්ගලික පරිගණක ජාල වලට ලිපින පරාසයන් කිහිපයක් වෙන් කරල දීල තියනවා. යට තියෙන්නෙ ඒ ටික.

Class A = 10.0.0.0 – 10.255.255.255

Class B = 172.16.0.0 – 172.31.255.255

Class C = 192.168.0.0 – 192.168.255.255

අදට කතා කරන්නෙ මෙච්චරයි. ඊළග ලිපියෙන් හම්බෙමු. ඵලදායි දවසක්!

ඔබේ දැන්වීම් පළ කිරීමට අපෙන් ඉඩක්.

Share the Knowledge

Leave a Reply

Your email address will not be published. Required fields are marked *